ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශට බොරු

තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලකි කාරණ කිහිපයක් නිසා ඇයැයි සෝමරත්න දිසානායක මහතා කියයි. බලපෑමකට ඉවත් වන බවට ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.

Read more......

ජගත් පුෂ්පකුමාරට හීං හූවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය නියෝජ්‍ය ඇමති ජගත් පුෂ්පකුමාර මහතා ඇමතීම ඇරැඹීමත් සමඟ පිරිසක් හූ තබන්නට වූහ. රැලියේ ඉදිරියේම සිටි පිරිසක් එලෙස හූ තැබූහ. මේ රැස්වීමේ සංවිධානාත්මක පිරිසක් හූ තියන්නට බලා සිටින බව මෙහි එන්නට පෙරම තමා දන්නා බවත්, රැස්වීමේ සිටින සියයට 95ක් තම ජනතාව බවත්, සංවිධානාත්මක පිරිසක් කරන බාධාවලින් ඵලක් නොවන බවත් පුෂ්පකුමාර මහතා කීවේය. ඔහුගේ කතාව අවසන් වූ විට විජිතමුණි සොයිසාට ද හූ තැබූහ. හූවට පිළිතුරු ලෙස ඔහු කොළඹ යුගයේ කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කැස්බෑව ආසනයේ එවැනි සිද්ධියක දී කියූ කවියක් කීවේය. මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාවේ සිටියි. රතුගල ආදිවාසී නායකයා පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආචාර කළේය.

Read more......

අඬගහලා රස්සා දෙන්න සුදුසු අය ගම්වල ඉන්නවා

ගෙදරට ගිහින් අඬගසා රැකියා දීමට තරම් සුදුසුකම් ඇති උපාධිධාරීන් විශාල පිරිසක් ගම්බදව සිටින බවත් ලක්ෂ ගණනින් රජයේ රැකියා ඇති කළ බව කියන පසුගිය රජය කරන බොරුවල ඇත්ත නැත්ත දැනගැනීමට ගම්වලට පැමිණ බලන ලෙසත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රත්ගම පැවැති ජනහමුවකදී පැවසීය. ‘අපේ දින 100 පොරොන්දු අතර ජනතාවට ජීවත්වීමට සහන ලබාදීම හැර රැකියා ලබාදෙන බවට පොරොන්දුවී නැහැ. ඒත් මේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලලා මේ සුළු කාලය තුළ රැකියා කිහිපයක් හෝ ලබාදීමට හැකිවීම ගැන සතුටු වනවා‘ යැයිද කරුණාතිලක මහතා එහිදී කීවේය.

Read more......

සන්ධානය දිනන බව අගමැති යටගහන්න හදලා

එළැඹෙන මැතිවරණරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා බවට සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇතැයිද එම වාර්තා රාජ්‍ය මාධ්‍යවල විකාශය නොකරන්නැයිද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන සභාපතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද(30) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ‘මේ සාකච්ඡාවේදී එක්තරා මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු එසේ කරන්නට බැරි බවත්, සෑම පාර්ශවයකටම අවස්ථාව දිය යුතු බවත් ප‍්‍රකාශ කරලා තියෙනවා. එම සභාපතිවරයා ඒ සාකච්ඡා අතරමැදදි නැගිටලා ගිහිල්ලා තියෙනවා. ඔහු කොන්ද පණ තියෙන සභාපතිවරයෙක් නම් ඉල්ලා අස්වෙයි‘ එම සභාපතිවරයාට කොන්ද පණ ඇතිව වැඩ කිරීමටත් නැවත නැවත යහපාලන ආණ්ඩුවෙන් බලපෑම් පැමිණියහොත් තනතුරෙන් ඉල්ලා අස්වීමටත් ශක්තිය ලැබෙනු ඇතැයි තමා ප‍්‍රාර්ථනා කරන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

Read more......

ජවිපෙත් ඡන්ද නීති කඩලා

හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හළ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරලගේ මහතා හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

Read more......

කිඳෙල්පිටිය සුදුවෑන් රි‍යට කිඳෙන්න නොදේ

සුදුවෑන් මගින් පුද්ගලයන් රැගෙන ගොස් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ අය පිළිබඳව සාක්කි ලැබී තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒවාට සම්බන්ධ වගකිව යුත්තන්ට කිසිදු නීතිමය පියවරක් ගැනීමට රජය අපොහොසත් වන්නේ නම් සාක්කි හා තොරතුරු ඇතුළත් සියලු ලිපි ලේඛන ජාත්‍යන්තර මට්ටමේ අධිකරණ වෙත රැගෙන යාමට තමා සූදානම් බවද කිඳෙල්පිටිය මහතා කීවේය.

Read more......


UPFA Youtube Videos.
Watch more videos...



UNP Youtube Videos.
Watch more videos...